Politics Sri Lanka

විජිත හේරත් “පොල් ලෙලිවල” ඉරණම කියයි

විජිත හේරත් “පොල් ලෙලිවල” ඉරණම කියයි

පසුගිය 18වැනිදා පෙරවරුවේ ජවිපෙ දේශපාලන මණ්ඩලය පැලවත්ත ජවිපෙ ප‍්‍රධාන කාර්යාලයේදී රැස්විය. මෙහිදී පළාත් පාලන මැතිවරණයේ මහජන නියෝජිතයින් ලෙස පත්වූ අපේක්ෂක අපේක්ෂිකාවන් පිළිබඳවය අවධානය යොමු විය.

“පක්ෂයේ කමිටු සහ සංවිධානවලින් කරපු යෝජනා අනුව හොඳම නියෝජිත පිරිසක් තෝරාගෙන තිබෙනවා. මන්ත‍්‍රීවරු ලංකාව පුරා 434 දෙනෙක් ඉන්නවා කියන්නෙ විශාල හයියක්.” ටිල්වින් සිල්වා පැවසීය.

“අපි මේ අය කොළඹට කැඳවලා දැනුවත් කිරීමක් කරමු.” අනුර දිසානායක යෝජනා කළේය.

“ඔව් ඒක හොඳ අදහසක්. මේ පිරිසට ලොකු අභියෝගයක් තියෙනවා. මහජනතාවත් එක්ක දේශපාලන සංවාදයක් ආරම්භ කරගෙන රටේ දේශපාලනයෙ ලොකු භූමිකාවක් කරන්න එයාලට පුළුවන්.” ලාල් කාන්ත පෙන්වා දුන්නේය.

“මේ නියෝජිතයො ජනතාවට උපරිම සේවාවක් කරන කොට සමහරු දිනුවයි කියපු “පොල් ලෙලි” නිකම්ම කුණු බක්කිවලට යාවි.” විජිත හේරත් කීවේ සියලු දෙනාගේ සිනා හඬ මධ්‍යයේය.