Gossips

විජිතපුර පිහිටි පුරා විද්‍යා භූමිය එළි පෙහෙළි කිරීම ගැන අලුත්ම කතාව

අනුරාධපුර – විජිතපුර පිහිටි පුරා විද්‍යා භූමිය කිසිදු ආකාරයකින් නිවාස සංවර්ධන අධිකාරියට පවරා දීමක් සිදුකර නොමැති බව ඉපලෝගම ප්‍රාදේශීය ලේකම්වරිය පවසනවා.
ඇය සදහන් කළේ නිවාස සංවර්ධන අධිකාරිය එම ඉඩම බලහත්කාරයෙන් එළි පෙහෙළි කර ඇති බවයි.
අනුරාධපුර – ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බැලුම්ගල නම් පුරා විද්‍යා ස්ථානය බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් විනාශ කර ඇති බව අපි පසුගියදා අනාවරණ කළා.
නිවාස සංවර්ධන අධිකාරිය විසින් නව ගම්මානයක් ඉදිකිරීම සදහා මෙම භූමිය මෙලෙස එළි පෙහෙළි කර තිබෙනවා.
අප කළ අනාවරණයත් සමග වගකිව යුතු බලධාරීන්ගේ අවධානය යොමුවුණත් එහි වගකීම භාරගැනීමට සෘජුවම මෙතෙක් කිසිවෙකු කටයුතු නොකරන්නේ එකිනෙකාට චෝදනා කර ගනිමින්.
කෙසේ වෙතත්, අමාත්‍ය දුමින්ද දිසානායක මහතා මාර්තු 12 වන දින ලිපියක් මගින් ඉපලෝගම ප්‍රාදේශීය ලේකම්වරියට දැනුම් දී ඇත්තේ මහජන පැමිණිලි ලැබි ඇති බැවින් ඉඩම් කට්ටි සම්බන්ධ සියලු කටයුතු තාවකාලිකව නතර කරන ලෙසයි.
ඒ අනුව ප්‍රාදේශීය ලේකම්වරිය අප්‍රේල් මස 5 වැනිදා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ දිස්ත්‍රික් කළමනාකාරවරියට ලිපියකින් දක්වා ඇත්තේ සංවර්ධන කටයුතු තාවකාලිකව නතර කරන ලෙස දුමින්ද දිසානායක අමාත්‍යවරයා යොමුකළ ලිපියේ ඡායාපිටපතක් ද සමගින් දැනුම් දී තිබෙනවා.
එවන් පසුබිමක් තුළ තමාට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව ඉපලෝගම ප්‍රාදේශීය ලේකම්වරිය සඳහන් කළා.