Gossips

විජයකලා සම්බන්ධයෙන් ගත හැකිව තිබූ ඉහළම ක්‍රියාමාර්ගය ගත් බව කතානායක කියයි

එල්.ටී.ටී.ඊ සංවිධානය යලි ගොඩනැගිය යුතු බවට ප්‍රකාශ කළ විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීවරියට එරෙහිව ගත හැකිව තිබූ ඉහළම ක්‍රියාමාර්ගය තමන් මේ වනවිට ගෙන ඇති බව කතානායක කරූ ජයසූරිය අද පාර්ලිමේන්තුවේදී සදහන් කළා.
ඒ, ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ යොමුකළ පැනයකට පිළිතුරු ලෙසයි.
එහිදී කතානායකවරයා කියා සිටියේ ඇය සම්බන්ධයෙන් කටයුතු කිරීමට නීතිපතිවරයා වෙත යොමුකර ඇති බවයි.
මේ අතර, නිව්යෝක් ටයිම්ස් පුවත්පත පසුගියදා ඉදිරිපත් කළ වාර්තාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කළ යුතු බවයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද පාර්ලිමේන්තුවේදී කියා සිටියේ.