එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි ගොඩනැගිය යුතු බවට රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් සිදුකළ ප්‍රකාශය නිසා ඇය පක්ෂයේ සියලූ තනතුරුවලින් සහ රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් පක්ෂ නායකත්වයෙන් අද ඉල්ලීමක් කළා.
පාර්ලිමේන්තුව කල් තැබීමෙන් අනතුරුව එහි පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් අමරසේන මේ බව කියා සිටියා.
මේ අතර, ජනතා විමුක්ති පෙරමුණ ද පාර්ලිමේන්තු සංකීර්ණයේ මාධ්‍ය හමුවක් කැදවමින් කියා සිටියේ රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් සිදුකළ ප්‍රකාශය හෙළා දකින බවයි.
පසුව ඒකාබද්ධ විපක්ෂය ද මාධ්‍ය හමුවක් කැදවමින් පාර්ලිමේන්තුවේ සැසිවාරය කල් දැමීම සම්බන්ධයෙන් සහ රාජ්‍ය අමාත්‍යවරියගේ ප්‍රකාශය පිලිබදව අදහස් පළ කළා.
එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල කියා සිටියේ අද දිනයේ පාර්ලිමේන්තුවේ ඇතිවූ සිදුවීම සම්බන්ධයෙන් කිසිවෙකුටත් චෝදනා කළ නොහැකි බවයි.
