එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි ගොඩනැගිය යුතු බව ප්‍රකාශ කළ හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක අමාත්‍ය නවීන් දිසානායක පවසනවා.
එම පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ කමිටු වාර්තාව ලැබීමෙන් පසු ඉදිරි පියවර ගැනීමට නියමිත බවයි.
මේ අතර විජයකලා මහේෂ්වරන් හිටපු රාජ්‍ය අමාත්‍යවරිය එල්.ටී.ටී.ඊ. සංවිධානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයට විරෝධය පළ කරමින් ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකික ජනතාව පෙරේදා දිනයේ විරෝධතාවක නිරතවුණා.
ඒ, ප්‍රංශයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිටදියි. මෙම විරෝධතාව පැවති ස්ථානයට පැමිණි ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති බුද්ධි අතාවුද ද ඊට සහයෝගය පළ කර තිබෙනවා.
