එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම මේ වන විට සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ආරම්භ වී තිබෙනවා.
ඒ, පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්.
අද (25) පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල හමුවේදී හිටපු ළමා කටයුතු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් එල්.ටී.ටී.ඊ. සංවිධානය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය පිළිබඳව සොයා බැලීමට පත් කළ කමිටු වාර්තාව ද ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
එම කමිටු වාර්තාවට අනුව පක්ෂය විසින් ගන්නා තීරණය පිළිබදව ද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා.
පක්ෂ මහලේකම්, අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, සභාපති අමාත්‍ය කබීර් හෂීම් සහ අමාත්‍යවරුන් වන රංජිත් මද්දුමබණ්ඩාර සහ තලතා අතුකෝරළ මෙම කමිටුවේ සාමාජිකයින් වනවා.
ඊට අමතරව ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණය සහ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ද කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා කෙරෙනු ඇති.
