ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට විජයකලා මහේෂ්වරන් තීරණය කර තිබෙනවා.
එල්.ටී.ටී.ඊ. ය යළි ගොඩනැගිය යුතු බවට පසුගියදා ඇය ප්‍රකාශ කිරීමත් සමඟ ආන්දෝලනාත්මක තත්ත්වයක් හටගත් අතර ඊයේ අග්‍රාමාත්‍යවරයා හමුවී මේ බව දැනුම් දුන් බවයි අමාත්‍යවරිය සඳහන් කළේ.
රාජ්‍ය අමාත්‍යවරිය සිදුකළ ප්‍රකාශය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය වී ඇත්දැයි සොයා බලන ලෙස පසුගියදා කතානායකවරයා විසින් නීතිපතිවරයාට දැනුම් දී තිබුණා.
ඊයේ මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් කියා සිටියේ රාජ්‍ය අමාත්‍යවරියගේ ප්‍රකාශය සම්බන්ධයෙන් විශේෂ විමර්ශණයක් සිදු කරන බවයි.
අමාත්‍යවරියගේ ප්‍රකාශයට එරෙහිව සංවිධාන කිහිපයක් පොලිස් මූලස්ථානයට පැමිණිලි කළ අතර එහි විමර්ශණ කටයුතු පොලිස්පතිවරයා විසින් පොලිස් මූලස්ථාන අපරාධ විමර්ශන කොට්ඨාශයට භාර දී තිබෙනවා.
ඒ අනුව එහි අධ්යක්ෂවරයා විසින් අමාත්‍යවරියගේ ප්‍රකාශය පිළිබඳව මේ වනවිට විමර්ශණයක් සිදු කරන බවයි එම කොට්ඨාශය භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ.
මේ සම්බන්ධයෙන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර නියෝගයක් ලබා ගැනීමට ද අපේක්ෂා කරන බව ඔහු කියා සිටියා.
මේ අතර රාජ්‍ය අමාත්‍යවරිය අදාළ ප්‍රකාශය සිදුකරන අවස්ථාවේදී අත්පොළසන් දෙමින් ඊට ප්‍රතිචාර දැක්වූ රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බව යාපනය දිස්ත්‍රික් ලේකම් නාගලිංගම් වේදනායගන් සඳහන් කර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් තොරතුරු ලබාදෙන ලෙසයි ඔහු යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන්ට දැනුම්දී ඇත්තේ.