Gossips

විජයකලා ඉල්ලා අස්වීමට තීරණය කරයි

ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට විජයකලා මහේෂ්වරන් තීරණය කර තිබෙනවා.
එල්.ටී.ටී.ඊ. ය යළි ගොඩනැගිය යුතු බවට පසුගියදා රාජ්‍ය ඇමතිවරිය ප්‍රකාශ කිරීමත් සමඟ රට තුළ ආන්දෝලනාත්මක තත්ත්වයක් හටගත්තා.
මෙම තත්වය හමුවේ ඇය ඊයේ පස්වරුවේ එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද හමුවී තිබෙනවා.
එම සාකච්ඡාවලින් පසුවයි මෙලෙස රාජ්‍ය අමාත්‍යධුරයෙන් ඉවත්වීමට විජයකලා මහේෂ්වරන් තීරණය කර ඇත්තේ.
කෙසේ වෙතත් මෙම සාකච්ඡාවෙන් අනතුරුව රාජ්‍ය අමාත්‍යවරිය මාධ්‍ය මගහරිමින් වෙනත් මාර්ගයකින් අරලියගහ මන්දිරයෙන් පිටත්ව ගිය බවයි එහි සිටි හිරු වාර්තාකරු සඳහන් කළේ.