Gossips

විජයකලා අත්අඩංගුවට

හිටපු ළමා කටයුතු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් පොලිස් සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය මගින් අද (08) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ පසුගිය ජූලි 02 වැනිදා එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි ගොඩනැගිය යුතු බවට, යාපනයේදී සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණවලට අදාළව ඇය මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.
අද (08) පෙරවරු 9ට පමණ ප්‍රකාශයක් ලබාදීම සඳහා පොලිස් සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය වෙත ඇය පැමිණියා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය විජයකලා මහේෂ්වරන්ගෙන් පළමු ප්‍රකාශය ලබාගත්තේ පසුගිය ජූලි 24 වනදා යාපනයේ පිහිටි ඇගේ නිවසේදියි.
අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය ඇමතිනිය කොළඹ – කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.