Gossips

විජයකලාට එරෙහි නඩුව යළි කල් යයි

එල්.ටී.ටී.ඊ සංවිධානය යලි ගොඩනැගිය යුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රිනි විජයකලා මහේෂ්වරන් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් වන නඩුව ලබන මැයි මස 10 වන දා දක්වා කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.
ඊට අදාළව කරුණු දක්වමින් සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාශය අධිකරණයට දැනුම් දුන්නේ මන්ත්‍රීවරියට එරෙහිව නඩු පැවරීමේ හැකියාව සම්බන්ධයෙන් මෙතෙක් නීතිපති උපදෙස් ලැබී නොමැති බවයි.
රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් එල්.ටි.ටි.ඊ සංවිධානය යලි ගොඩනැගිය යුතු බවට පසුගිය ජුලි මස 02 වනදා යාපනයේදි ප්‍රකාශ කළේ රජයේ අමත්‍යවරුන් කිහිප දෙනෙකුද සහාභාගි වි සිටි උත්සවයකදීයි.