Gossips

විජයකලාට එරෙහිව ජනපතිට ලිපියක්

රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වූ විජයකලා මහේෂ්වරන් අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් සිංහල රාවය සංවිධානය අද ජනාධිපතිවරයාට ලිපියක් භාරදීමට සැරසෙනවා.
පසුව ඔවුන් ඇයට එරෙහිව පොලිස් සංවිධානාත්මක අපරාධ කොට්ඨාශයට ඉදිරිපත් කර ඇති පැමිණිල්ලට සාක්ෂි ලබාදීම සඳහා පොලිස් මූලස්ථානයට පැමිණෙන බවයි එහි මහ ලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් කියා සිටියේ.
ළමා කටයුතු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ඊයේ පස්වරුවේ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයාට යොමුකර තිබෙනවා.
රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් පසුගිය 02 වැනිදා යාපනයේදී පැවති රාජ්‍ය උත්සවයකදී එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි ගොඩනැගිය යුතු බවට ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළා.
ඇය ඊයේ කියා සිටියේ තමන් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් තාවකාලිකව ඉල්ලා අස්වීමට තීරණය කළ බවයි.