Gossips

විජයකලාගේ සම්පූර්ණ හඬපටය ලබාදෙන්නැයි මාධ්‍ය ආයතන 05 කට අධිකරණයෙන් නියෝග

හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් පසුගියදා සිදුකළ ප්‍රකාශය ඇතුළත් සංස්කරණය නොකළ හඬපට සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය වෙත ඉදිරිපත් කරන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක අද (06) මාධ්‍ය ආයතන 5 කට නියෝග කළා.
ඒ අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් සිංහලරාවය සංවිධානයේ ජාතික සංවිධායක පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් සිදුකළ පැමිණිල්ලට අනුවයි.
ඒ සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය අද අධිකරණයට කරුණු වාර්තා කළ අතර, එහිදී මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළ බවයි හිරු අධිකරණ වාර්තාකරු කියා සිටියේ.