Gossips

විජයකලාගේ ප්‍රකාශය විමර්ශනයට අතිරේක සොලිසිටර් ජනරාල්වරයෙක්

එල්.ටී.ටී.ඊ ය යලි ගොඩනැගිය යුතු බවට හිටපු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ අධ්‍යයනය කිරීම සඳහා අතිරේක සොලිසිටර් ජනරාල්වරයෙකු පත් කර ඇති බව නීතිපති ජයන්ත ජයසූරිය ප්‍රකාශ කළා.
දැනට පොලීසියෙන් ඒ පිළිබඳව පරීක්ෂණයක් සිදු කෙරෙන බැවින් ඊට උපදෙස් ලබාදීම, නිර්දේශ ඉදිරිපත් කිරීම මෙහි අරමුණ බවයි නීතිපතිවරයා ප්‍රකාශ කළේ.
දැනට පොලිසිය සිදුකරන පරීක්ෂණවල වාර්තාවක් නීතිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට ද නියමිතව තිබෙනවා.
අදාළ ප්‍රකාශය පිළිබඳව මේ වනවිට සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය හිටපු රාජ්‍ය ඇමතිනිය විජයකලා මහේෂ්වරන්ගෙන් මෙන්ම ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජාගෙන් ද ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.
එසේම උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන්, දිස්ත්‍රික් ලේකම්වරු ඇතුලූ අදාළ ප්‍රකාශය සිදුකරන අවස්ථාවේදී එහි සිටි 50 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ ලබාගෙන ඇති බව සඳහන්.