Gossips

විජයකලාගේ ප්‍රකාශය නීතිපති වෙත

එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි ගොඩනැගිය යුතු බවට හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ලබා ගත් ප්‍රකාශ සටහන් ඇතුලත් වාර්තාව අද නීතිපතිවරයා වෙත භාරදුන් බව සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය ප්‍රකාශ කළා.
එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ පිටු 300 කට ආසන්න සටහන් වාර්තාවක් නීතිපතිවරයා වෙත භාරදුන් බවයි.
විජයකලා මන්ත්‍රීවරිය අදාළ ප්‍රකාශය සිදුකළ අවස්ථාවේ එම ස්ථානයේ සිටි කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනෙකුගේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හතරදෙනෙකුගේ, රාජ්‍ය නිලධාරීන් ඇතුළු 66 දෙනෙකුගේ ප්‍රකාශ ඊට ඇතුළත් බවයි අදාළ නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේ.