Gossips

විජයකලාගේ ප්‍රකාශය ගැන රජය දැඩි අවධානයක් යොමු කළ යුතු බව පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් කියයි

එල්.ටී.ටී.ඊ. ය යළි ගොඩනැගිය යුතු බවට රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් සිදුකර ඇති ප්‍රකාශය ගැන රජය දැඩි අවධානයක් යොමු කළ යුතු බව අස්ගිරි පාර්ශවයේ මහා ලේඛකාධිකාරි ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් පවසනවා.
ඒ පිළිබඳ අදහස් දක්වමින් උන්වහන්සේ කියා සිටියේ එම ප්‍රකාශ තුළින් ජනතාවගේ ගැටළු පිළිබඳ අවධානය වෙනතකට යොමුවන බවයි.
මේ අතර හිට්ලර් ගැන ඇසූ පමණින් කළබල වන යහපාලනය, රාජ්‍ය ඇමතිවරියක් වූ විජයකලා මහේෂ්වරන්ගේ ප්‍රකාශය පිළිබඳව ගන්නා තීරණය ගැන රටම බලා සිටින බව ගැටඹේ රජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නායක හිමියන් ප්‍රකාශ කළා.
නිවේදනයක් නිකුත් කරමින් උන්වහන්සේ සඳහන් කළේ උතුරේ ඡන්ද අපේක්ෂාවෙන් කෙරෙන මෙවන් ප්‍රකාශ සුළු කොට සැළකුවහොත් ඉදිරියේදී රටේ භයානක තත්ත්වයක් ඇතිවිය හැකි බවයි.
රට පාලනයේදී නායකයන් අසමත් බවට විජයකලා අමාත්‍යවරිය කළ ප්‍රකාශය සත්‍යයක් බවද උන්වහන්සේ සඳහන් කරනවා.