Gossips

විජයකලාගේ ප්‍රකාශය ගැන, අමාත්‍යවරුන්ගෙන් ප්‍රකාශ ගන්න ඉල්ලීමක්

හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි ගොඩනැගිය යුතු බවට පසුගියදා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් එම උත්සවයට සහභාගි වූ මැති ඇමතිවරුන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට කථානායකවරයාගේ අවසරය ඉල්ලා ඇති බව සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය අද අධිකරණයට දැනුම් දුන්නා.
ඒ ඊට අදාළ නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක හමුවේ කැදවූ අවස්ථාවේදීයි.
ඔවුන් වැඩිදුරටත් අධිකරණයට දන්වා සිටියේ වව්නියාව සහ යාපනය දිසාපතිවරුන්ගෙන් සහ එම උත්සවයට සහභාගි වූ ප්‍රධාන රාජ්‍ය නිලධාරින් සහ මාධ්‍යවේදීන් ඇතුලූ 40 කගෙන් යුත් පිරිසකගෙන් මේ වනවිට ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි.
කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක ලබන මස 10 වනදා නඩුව යළි කැදවීමට නියෝග කළා.