Gossips

විජයකලාගේ ප්‍රකාශය ගැන අමාත්‍යවරුන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට කථානායකගෙන් අවසර ඉල්ලයි

හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි ගොඩනැගිය යුතු බවට පසුගියදා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් එම උත්සවයට සහභාගි වූ මැති ඇමතිවරුන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට කතානායකවරයාගේ අවසරය ඉල්ලා ඇති බව සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය අද අධිකරණයට දැනුම් දුන්නා.
ඒ ඊට අදාළ නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.
එහිදී සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය අධිකරණයට දන්වා සිටියේ වව්නියාව සහ යාපනය දිසාපතිවරුන්ගෙන් සහ එම උත්සවයට සහභාගි වූ ප්‍රධාන රාජ්‍ය නිලධාරින් සහ මාධ්‍යවේදීන් ඇතුලූ 40 කගෙන් යුත් පිරිසකගෙන් මේ වනවිට ප්‍රකාශ සටහන් කර ඇති බවයි.
කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක ලබන මස 10 වනදා නඩුව යළි කැඳවීමට නියෝග කළා.