Gossips

විජයකලාගේ කථාව ගැන ප්‍රකාශ 50 ක්

එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි ගොඩනැගිය යුතු බවට හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් පුද්ගලයින් 50 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගත් බව සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය පවසනවා.
එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ හිටපු රාජ්‍ය ඇමතිණියගෙන් මෙන්ම ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන්, පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා, දිස්ත්‍රික් ලේකම්වරු ඇතුලූ අදාළ ප්‍රකාශය සිදුකරන අවස්ථාවේදී එහි සිටි 50 දෙනෙකුගෙන් පමණ මෙලෙස ප්‍රකාශ සටහන් කරගත් බවයි.
යාපනයේ පිහිටි විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීවරියගේ නිවසේදී පෙරේදා පැය තුනහමාරකට ආසන්න කාලයක් සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය ඇයගෙන් ප්‍රශ්ණ කර තිබුණා.
එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි ගොඩනැගීම සිය අරමුණ බව හිටපු ළමා කටයුතු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් පසුගිය 02 වැනිදා යාපනයේදී ප්‍රකාශ කළේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරන නිළ මෙහෙවර වැඩසටහනේ එක් අදියරකට එක්වෙමින්.