Gossips

විග්නේෂ්වරන් වෙනත් මඟකට සැරසේ

වසර 2009දී දෙමළ ජාතික සන්ධානය ගත් නායකත්වය පරාජයට පත්වී ඇතැයි උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් පවසනවා.
ඊයේ යාපනයේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු කියා සිටියේ තම අනාගත දේශපාලන ගමන පිළිබදව ඉදිරියේදී ප්‍රකාශයක් සිදුකරන බවයි.
‘‘ 2009දී දෙමළ ජාතික සන්ධානය දෙමළ ජනතාව වෙනුවෙන් ගත්තු නායකත්වය පරාජයට පත් වෙලා තියෙනවා කියලා කියන්න වෙනවා. අලුත් පක්ෂයක් හැදීම ගැන ඔබතුමන්ලාගේ මතය දැන ගන්න මම කැමතියි. දෙමළ ජනතාව වෙනුවෙන් නායකත්වය ලබා ගන්න කියලා මට ගොඩක් පාර්ශව යෝජනා කරනවා. ඒකට උත්තරයක් දෙන්න ඕනි කියන වගකීම මට තියෙනවා කියලා මම පිළිගන්නවා. අවුරුදු 60ක් තිස්සේ දෙමළ ජාතික දේශපාලනය විසින් ඉතිහාසය මට භාරදුන්න වගකීම මම හොඳට තේරුම් අරන් තියෙනවා. 2013 පටන් ගත්ත උතුරු පළාත් සභාවේ ආයු කාලය තව සති කිහිපයකින් අවසන් වෙනවා. ඉන් පස්සේ මං ඉදිරියට කරන ජාතික දේශපාලනය ගැන ගොඩක් සංකීර්ණ විදියට කල්පනා කරලයි තියෙන්නේ. ඒ ගැන ද්‍රවිඩ ජාතික සභාව එක්ක සාකච්ඡා කරලා ප්‍රකාශයක් කරන්න මම බලාපොරොත්තු වෙනවා.’’