Gossips

විග්නේෂ්වරන් දෙමළ සන්ධානයෙන් ඉවත් වෙයි

තමන් දෙමළ ජාතික සන්ධානයෙන් වෙන්වී නව පෙරමුණක් යටතේ ඉදිරි දේශපාලන කටයුතු සිදුකරන බව උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් ප්‍රකාශ කළා.
මේ අනුව දෙමළ ජනතා සන්ධානය හෙවත් ටී.එම්.කේ. යටතේ ඉදිරි දේශපාලන කටයුතු සිදු කරන බවයි යාපනයේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඔහු කියා සිටියේ.
උතුරු පළාත් සභාවේ නිළ කාලය ද අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිත තිබෙනවා.