Gossips

විග්නේෂ්වරන් ජාත්‍යන්තරය ඉල්ලයි

යුද සමයේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර මැදිහත්වීමක් සහිත යාන්ත්‍රණයක් අවශ්‍ය බව උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් යළි ප්‍රකාශ කළා.
යාපනය ප්‍රදේශයේදී ඊයේ (15) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ වැරදි සිදුකළ පුද්ගලයින් හඳුනා ගෙන නීතිය ක්‍රියාත්මක කිරීම රජයේ වගකීමක් බවයි.
මේ අතර, කොළඹ අද (16) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් කියා සිටියේ සාක්ෂි විමසීමකින් තොරව ඒකපාර්ශවික ශ්‍රී ලංකාවට එරෙහිව සම්මත කර ඇති 30 – 01 යෝජනාවලිය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයාට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බවයි.