Gossips

විග්නේෂ්වරන් ජනපතිගෙන් ආරක්ෂාව ඉල්ලයි

උතුර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙත ලිපියක් යොමුකර තිබෙනවා.
ඊයේ යොමු කළ මෙම ලිපියේ ඔහු සඳහන් කර ඇත්තේ තමන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂා යලි ලබාදෙන ලෙසටයි.
තමාගේ ආරක්ෂාව වෙනුවෙන් යොදවා සිටි පොලිස් නිලධාරීන් මේ වනවිට ඉවත් කර ඇති බවත් එලෙස ඉවත් කළ ආරක්ෂාව නැවත ලබාදෙන ලෙසටත් විග්නේෂ්වරන් හිටපු ප්‍රධාන අමාත්‍යවරයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා.
තමාගේ ජීවිතයට තර්ජන පවතින බවයි ඔහු සිය ලිපියේ තවදුරටත් දක්වා ඇත්තේ.
නැගෙනහිර පළාත් සභාවේ කාලය අවසන් වී ඇති මොහොතක එහි හිටපු ප්‍රධාන අමාත්‍යවරයාට තවදුරටත් ආරක්ෂාව ලබාදෙන බවද ඔහු සිය ලිපියේ පෙන්වා දී තිබෙනවා.
ඔක්තෝම්බර් 25 වනදා උතුර පලාත් සභාවේ නිල කාලය අවසන් වූ අතර, එහි පාලන බලය මේ වනවිට උතුර පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ යටතේ පවතිනවා.