Gossips

විග්නේෂ්වරන් ගැන තමිල් අරසු පක්ෂයෙන් ප්‍රකාශයක්

උතුර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් නව පක්ෂයක් පිහිටුවීමෙන් අදහස් වන්නේ ඔහු තම පක්ෂයෙන් ඉවත්වීම බව ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ සී.වී. විග්නේෂ්වරන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ගයක් ගන්නේ දැයි අප, කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින්.
සිය නිළ කාලය අවසන් වීමෙන් පසු උතුර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් පසුගිය දා දෙමළ ජනතා සන්ධානය නමින් යාපනයේදී නව දේශපාලන පක්ෂයක් පිහිටවනු ලැබුවා.