Gossips

විග්නේෂ්වරන් ආරක්ෂාව ඉල්ලයි

තමන්ට ආරක්ෂාව ලබාදෙන ලෙස උතුර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් ඉල්ලා සිටිනවා.
ඔහු පවසන්නේ මෙම ඉල්ලීම පොලිස්පතිවරයා වෙත යොමුකර ඇති බවයි.
හිටපු ප්‍රධාන අමාත්‍යවරුන්ට මීට පෙරද ආරක්ෂාව ලබාදී ඇති බව පවසන සී.වී. විග්නේෂ්වරන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ තමාගේ ඉල්ලීමට මේ වනතුරුත් නිසි ප්‍රතිචාරයක් ලැබී නොමැති බවයි.
පසුගිය 25 වනදායින් උතුර පළාත් සභාවේ නිල කාලය අවසන් වූ අතර උතුර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් යාපනයේ පිහිටි සිය නිල නිවසින් අද නික්ම ගොස් ඇති බවයි වාර්තාවන්නේ.