Gossips

විග්නේෂ්වරන් අනිද්දා පිළිතුරු දීමට සුදානමින්

ඉදිරි මැතිවරණයකදී පළාත් ප්‍රධාන අමාත්‍ය අපේක්ෂකත්වය තමන්ට ලබා නොදෙන බවට දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් සිදුකළ ප්‍රකාශයට අනිද්දා පිළිතුරු ලබාදෙන බව උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් ප්‍රකාශ කළා.
පෞද්ගලික සහ නිල සංචාරයක් සඳහා ඉන්දියාවට පිටත්ව යාමට පෙර හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදියි ඔහු මේ බව කියා සිටියේ.
පසුගිය 8 වනදා යාපනය සංචාරයක නිරතවන අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් ප්‍රකාශ කළේ ප්‍රධාන අමාත්‍යවරයාට එම ධුරය 2013 වර්ෂයේදී ලබාදුන්නේ වසර දෙකකට පමණක් බවයි.
එමෙන්ම ඉන්දියාවේ නිල සංචාරය අතරතුර එරට දේශපාලන බලධාරීන් සමගද සාකච්ඡා කිහිපයක් පැවැත්වීමට බලාපොරොත්තු වන බවද ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් වැඩිදුරටත් සඳහන් කළා.