උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් ඇතුලූ එම පළාත් සභාවේ අමාත්‍යවරුන් දෙදෙනෙකු අධිකරණයට අපහාස කළ බවට චෝදනා එල්ලවූ පෙත්සම යළි ලබන මස 16 වනදා කැඳවීමට අභියාචනාධිකරණය අද තීරණය කළා.
මෙම පෙත්සම ගොනු කර ඇත්තේ පළාත් ධීවර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ බී. ඩෙනීෂ්වරන් විසින්.
එසේම ඔහුගේ අමාත්‍ය ධුරය අහෝසි කරමින් ප්‍රධාන අමාත්‍යවරයා විසින් නිකුත් කළ ගැසට් පත්‍රය ක්‍රියාත්මක කිරීම වළක්වමින් අභියාචනාධිකරණය නිකුත් කළ තහනම් නියෝගයද අද, ලබන මස 17 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරනු ලැබුවා.
බී. ඩෙනීෂ්වරන්, විසින් මෙම පෙත්සම ගොනු කර ඇත්තේ අභියාචනාධිකරණ නියෝගයට අනුව යළිත් තමන් තනතුරේ පිහිටුවීමට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ප්‍රතික්ෂේප කිරීම අධිකරණයට කළ අපහාසයක් බවට කරුණු දක්වමින්.