හමුදාවට තොරතුරු ලබා නොදෙන ලෙසට ප්‍රකාශ කළ උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය සීි.වී.විග්නේෂ්වරන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඒකාබද්ධ විපක්ෂය ඉල්ලා සිටිනවා.
ඊයේ කිලිනොච්චියේ පැවති උත්සවයකට එක්වෙමින් ප්‍රධාන අමාත්‍යවරයා උතුරු පලාතේ සියලූම නිලධාරින්ගෙන් ඉල්ලා සිටියේ තමාගේ විමසීමකින් තොරව හමුදාවට කිසිදු තොරතුරක් ලබා නොදෙන ලෙසයි.
ඊට අමතරව ෆෙඩරල් රාජ්‍යයක අවශ්‍යතාවයක් පවතින බව ද එහිදි ඔහු ප්‍රකාශ කළා.
උතුරු පලාතේ ප්‍රධාන අමාත්‍යවරයා සිදු කල මෙම ප්‍රකාශය පිලිබඳව කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් කියා සිටියේ ඔහු අත්අඩංගුවට ගෙන ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කළ යුතු බවයි.
සියලූදෙනාම සම්බන්ධයෙන් එකම නීතියක් ක්‍රියාත්මක විය යුතු බව එම මාධ්‍ය හමුවට එක්වූ ඩී.වී.චානක කියා සිටියා.
