Gossips

විග්නේෂ්වරන්ගේ විරෝධතාව – අභියාචනාධිකරණය ඉවත දමයි

අධිකරණයට අපහස කිරිමේ චෝදනාව සම්බන්ධයෙන් උතුරු පළාත් හිටපු මහා ඇමති සී.වී. විග්නේශ්වරන් ඇතුළු තිදෙනෙකු ගොනු කළ මුලික විරෝධතාව අභියාචනාධිකරණය විසින් අද ප්‍රතික්ෂේප කළා.
ඒ එම පෙත්සම විනිසුරු ජනක් ද සිල්වා ඉදිරියේ අද සලකා බැලූණු අවස්ථාවේදියි.
හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් ඇතුළු තිදෙනෙකුට එරෙහිව එම පළාත් සභාවේ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ බී. ඩෙනිෂ්වරන් අධිකරණයට අපහස කිරිමේ චෝදනාවට නඩුවක් ගොනු කර තිබෙනවා.
කෙසේ වෙතත් අධිකරණයට අපහස කිරිමේ චෝදනාව යටතේ කටයුතු කිරිමට අභියාචනාධිකරණයට බලයක් නොමැති බවයි මුලික විරෝධතාව ගොනු කරමින් උතුරු පළාත් හිටපු සී.වී. විග්නේශ්වරන් සඳහන් කර තිබුණේ.