Gossips

විග්නේෂ්වරන්ගේ පෙත්සමට දින නියම වේ

බී.ඩෙනීෂ්වරන් උතුර පළාත් සභාවේ අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු තහනමට එරෙහිව උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් ගොනුකළ පෙත්සම සළකා බැලීමට අභියාචනාධිකරණය අද දින නියම කළා.
ඒ අනුව සැප්තැම්බර් 5 වනදා එම පෙත්සම සළකා බැලීමටයි බුවනෙක අලූවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන සහ ප්‍රසන්න ජයවර්ධන යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කළේ.
බී. ඩෙනීෂ්වරන් උතුර පළාත් සභාවේ ප්‍රවාහන හා ධීවර අමාත්‍ය ධුරයෙන් ඉවත් කරමින් පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් නිකුත් කළ නියෝගය අත්හිටුවමින් අභියාචනාධිකරණය පසුගියදා අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.
ඒ, ඊට අදාළව හිටපු ඇමති බී.ඩෙනීෂ්වරන් විසින් ගොනුකළ පෙත්සම සලකා බැලීමෙන් අනතුරුවයි.