Gossips

විග්නේෂ්වරන්ගේ තීන්දුව යළි කල් යයි

අධිකරණයට අපහාස කළ බවට උතුර පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන්ට එරෙහිව ගොනු කර ඇති පෙත්සමේ තීන්දුව ලබා දීම ලබන මස 13 දක්වා යලි කල් දැමීමට අභියාචනාධිකරණය අද නියෝග කළා.
මෙම පෙත්සමේ තීන්දුව මීට පෙර පසුගිය වසරේ දෙසැම්බර් මස 10 වනදා ලබාදීමට නියමිතව තිබුණත් අභියාචනාධිකරණ එය අද දක්වා කල් දැමුවා.
ඊට හේතු වූයේ තීන්දුව සූදානම්ව නොමැති වීමයි. කෙසේ වෙතත් අද යලි නඩුව කැදවූ අවස්ථාවේදී අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා ප්‍රකාශ කළේ තවදුරටත් මෙම තීන්දුව සූදානම් නොමැති බවටයි.
හිටපු ප්‍රධාන අමාත්‍යවරයා විසින් උතුරු පළාත් සභාවේ ධීවර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ තමන් එම ධූරයෙන් ඉවත් කිරීමට එරෙහිව ගොනු කර තිබූ පෙත්සමක තීන්දුවට අනුව කටයුතු නොකිරීම නිසා අධිකරණයට අපහාස වූ බව පවසමින් බී. ඩෙනීෂ්වරන් මෙම පෙත්සම ගොනු කර තිබුණා.