Gossips

විග්නේෂ්වරන්ගේ අභියාචනා පෙත්සමක් ප්‍රතික්ෂේප වේ

උතුර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකළ අභියාචනා පෙත්සමක් අද ප්‍රතික්ෂේප කෙරුණා.
එවක උතුරු පළාත් සභාවේ ප්‍රවාහන, ධීවර හා මහාමාර්ග අමාත්‍යවරයා ලෙස කටයුතු කළ බී. ඩෙනීෂ්වරන් අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට අදාළව මහඇමතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය වළක්වාලමින් අභියාචනාධිකරණය ලබා දුන් අතුරු තහනම් නියෝගයට එරෙහිවයි මෙම අභියාචනා පෙත්සම ගොනුකර තිබුණේ.
කෙසේ වෙතත්, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ සහ මූර්දු ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල හමුවේ අද එය විභාගයට ගත් අවස්ථාවේදී විනිසුරු මඩුල්ල තීරණය කළේ පෙත්සම ප්‍රතික්ෂේප කිරීමටයි.