Gossips

විග්නේෂ්වරන්ගෙන් හෙට අවසන් තීන්දුවක් – ඩග්ලස් වීණාවෙන්

ඉදිරි මහ මැතිවරණයට තරග කිරීම පිළිබඳ අවසන් තීන්දුවක් හෙට ප්‍රකාශයට පත් කරන බව උතුර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් පවසනවා.
හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී ඔහු කියා සිටියේ තමන් පිහිටවූ දෙමළ ජනතා සන්ධානයේ නිලධාරී මණ්ඩලය හෙට රැස්වී එම තීරණය ගැනීමට නියමිත බවයි.
කෙසේ වෙතත් දෙමළ ජාතික සන්ධානය සමඟ යළි එක්වීමේ අවශ්‍යතාවක් නොමැති බවයි ඔහු ප්‍රකාශ කළේ.
එහෙත්, සිය ප්‍රතිපත්ති සමඟ එකඟවන පාර්ශව සන්ධානගතවීමේ බාධාවක් නොමැති බවයි හිටපු උතුර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.
මේ අතර ආණ්ඩුවට සහය පළ කළ ඊ.පී.ඞී.පී. සංවිධානය ඩග්ලස් දේවානන්දාගේ නායකත්වයෙන් එළඹෙන මහ මැතිවරණයේදී වීණාව ලකුණින් තරග කිරීමට තීරණය කර ඇති බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු අප කළ විමසීමකදී සඳහන් කළා.