Gossips

විගණන පනත් කෙටුම්පත අද විවාදයට

ජාතික විගණන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය අද පාර්ලිමේන්තුවේදී සිදුකිරීමට නියමිතයි.
පසුගිය අප්‍රේල් 03 වැනිදා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මෙම කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.
ජාතික විගණන කොමිෂන් සභාවේ බලතල, කාර්යයන් හා ජාතික විගණන කාර්යාලය මෙන්ම ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවය පිහිටුවීම සඳහා වන විධිවිධාන මෙම පනත් කෙටුම්පතේ ඇතුළත්.
මේ අතර, රුපියලේ අගය පහත වැටීම හමුවේ රටේ ආර්ථික වර්ධන වේගය පහල ගොස් ඇති බවට ඒකාබද්ධ විපක්ෂය ඊයේ පාර්ලිමේන්තුවේදී චෝදනා කළා.
පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේ මේ බව කියා සිටියේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියෝග කිහිපයක් විවාදයට ගැනීමේ අවස්ථාවට එක්වෙමින්.