Gossips

විකිරණ විද්‍යා තාක්ෂණ නිලධාරීන් අගෝස්තු 1 වන දා වර්ජනයක

විකිරණ විද්‍යා තාක්ෂණ නිලධාරීන් ලබන අගෝස්තු 1 වන දා සිට සී.ටී. ස්කෑන් අමතර සේවා වලින් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.
ඒ, අතිකාල සේවාවලට අදාළ දීමනා නිසි පරිදි ලබා නොදීමට විරෝධය පළ කරමින්.
හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් විකිරණ විද්‍යා තාක්ෂණ නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ධර්මකීර්ති ඈපා කියා සිටියේ සී.ටී. ස්කෑන් සිදුකිරීම සම්බන්ධයෙන් ලබාදෙන දීමනා පිළිබද ගැටළුවක් මත මෙම වර්ජනය සිදුකරන බවයි.
මේ අතර, දුම්රිය සේවයේ වැටුප් විෂමතාවට අමාත්‍ය මණ්ඩලය ලබාදුන් අනුමැතිය දුම්රිය බලධාරීන් ක්‍රියාත්මක නොකිරීමට විරෝධය පළ කරමින් දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් ලබන 30 වනදා සිට පැය 48 ක වර්ජනයකට එළඹීමට තීරණය කර තිබෙනවා.
ඊට දුම්රිය ස්ථානාධිපති, දුම්රිය නියාමක, දුම්රිය පාලක සහ දුම්රිය රියදුරන්ගේ වෘත්තිය සමිති සහය පළ කරන බවයි දුම්රිය රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.