Gossips

වෑන් රථ අනතුරකින් කාන්තාවක් මරුට

හලාවත පුත්තලම ප්‍රධාන මාර්ගයේ ආරච්චිකට්ටුව ප්‍රදේශයේ අද අලූයම සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් මිය ගොස් තවත් 4 දෙනෙකු තුවාල ලබා හලාවත රෝහලට ඇතුළත් කර තිබෙනවා.
මොවුන් අතර කුඩා දරුවෙකු ද වනවා.
පොලීසිය සදහන් කළේ වෑන් රථයක් සහ බවුසර් රථයක් එකිනෙක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි.
අනතුරෙන් මරණයට පත්වී ඇත්තේ වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි කාන්තාවක්.
වෑන් රථයේ පැමිණි පිරිස යාපනයේ සිට කොළඹ බලා පැමිණ තිබෙනවා.
අනතුර සම්බන්ධයෙන් ආරච්චිකට්ටුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

මේ අතර,මැදවච්චිය – කැබිතිගොල්ලෑව මාර්ගයේ තම්මැන්නාව ප්‍රදේශයේදී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී සිදුවූ අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඊයේ පස්වරුවේ සිදුවූ අනතුරෙන් තවත් කාන්තාවක් සහ ළමයින් දෙදෙනෙකු තුවාල ලබා මැදවච්චිය රෝහලට ඇතුළත් කර ඇති බවයි.
සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ අවුරුදු 36ක් සහ 50ක් වයසැති එම ප්‍රදේශයේම පදිංචි කාන්තාවන් දෙදෙනෙක්. මොවුන් අලූත් අවුරුද්ද සඳහා භාණ්ඩ රැගෙන ආපසු එමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී තිබෙනවා.