Gossips

වෑන් රථයක් යතුරු පැදියක ගැටී දෙදෙනෙකුට බරපතලයි

මඩකලපුව කාන්තන්කුඩි ප්‍රදේශයේදී වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන යතුරු පැදියක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අද (01) අලුයම සිදුවූ මේ අනතුරින් යතුරු පැදියේ ගමන් කළ දෙදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කල බවයි අප වාර්තාකරු සදහන් කළේ.
ඔවුන්ගේ තත්ත්වය බරපතල බවයි වාර්තා වන්නේ.
වෑන් රථයේ රියදුරුට නින්දයාමෙන් මේ අනතුර සිදුව ඇති බවයි මුලික පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ.
කාන්තන්කුඩි පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනවා.
මේ අනතුර සිදුවන ආකාරය ඒ අසල වෙළඳසලක සවිකර තිබු CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා.
එම වීඩියෝව පහතින්.