Gossips

වෑන් රථයක් පෙරළි යාමෙන් තුන්දෙනෙකුට තුවාල

යාපනය – පේදුරුතුඩුව මාර්ගයේ අච්චුවේලි ප්‍රදේශයේදී අද අලූයම වෑන් රථයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන්ගත් තුන්දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.
පොලීසිය ප්‍රකාශ කළේ රියදුරුට නින්දයාම හේතුවෙන් වෑන් රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
අනතුරෙන් තුවාල ලැබූ තුන්දෙනා මේ වනවිට පේදුරුතුඩුව රෝහලේ ප්‍රතිකාර ලබනවා.