Gossips

වෑන් රථයක් කොල්ල කා පළා යමින් සිටි සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට

කඩුවෙල – රනාල – ජනසවි මාර්ගයේදී වෑන් රථයක් කොල්ල කා පළා යමින් සිටි සැකකරුවන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය සමත් වුණා.
ඊයේ රාත්‍රියේදී මෙලෙස වෑන් රථය කොල්ල කා ඇත්තේ එහි හිමිකරුගේ අත්පා බැද දැමීමෙන් අනතුරුවයි.
තවදුරටත් සිදුකළ විමර්ශනවලදී සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයින් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවා.
මෙම සැකකරුවන් ඇඹිලිපිටිය, මීගොඩ, රනාල, නාරන්වල සහ කතරගම ප්‍රදේශවල පදිංචිකරුවන්.