Gossips

වෑන් අනතුරකින් 16කට තුවාල

හැටන් බලංගොඩ ප්‍රධාන මාර්ගයේ බගවන්තලාව ප්‍රදේශයේදී සිදුවූ වෑන් රථ අනතුරකින් පුද්ගලයන් 16 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
අද (02) සවස 3ට පමණ රත්නපුර හපුගස්තැන්න සිට දික්ඔය දක්වා ධාවනය වූ වෑන් රථයක් පස් කණ්ඩියක ගැටීමෙනුයි අනතුරකට සිදුව ඇත්තේ.
තුවාලකරුවන් බගවන්තලාව ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර තිබෙනවා.
තුවාල ලැබූ පිරිස අතර කුඩා ළමුන් කිහිපදෙනෙක් ද වන බව සඳහන්.
අනතුරට ලක්ව ඇත්තේ හැටන් දික්ඔය දේවස්ථානයක් වෙත යමින් සිටි පිරිසක්.
අනතුරට හේතුව වෑන් රථයේ තිරිංග ක්‍රියා විරහිත වීම බවයි අනාවරණය වී ඇත්තේ.
මෙම අනතුර හේතුවෙන් හැටන් බලංගොඩ ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනය ඇනහිට තිබු ඇති බවයි අප වාර්තාකරු කියා සිටියේ.

rnrnrnrnrnrnrnrnrnrnrnrn