Gossips

වැළැක්විය නොහැකි අර්බුධයක් ගැන 16 කණ්ඩායම කියයි

මෙරට ගුවන් තොටුපොළ සහ වරායන් වෙනත් රටවල සමාගම්වලට පැවරීම තුළින් එම රටවල් අතර අර්බුදයක් ඇතිවුවහොත් එය වැළැක්විය හැකි බවට කිසිවෙකුටත් සහතික විය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායම අද (20) කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී.