Gossips

වැසි සහ සුළං තවදුරටත්

දිවයිනට බලපා ඇති වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් අපේ්ක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව, මධ්‍යම, සබරගමුව පළාත් සහ කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට මිලිමීටර් 75 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
එමෙන්ම, වයඹ පළාතෙත් කොළඹ, ගම්පහ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකියි.
මේ අතර, දිවයින හරහා පවතින තද සුළං තත්ත්වය ලබන 20 වනදා දක්වා බලපැවැත්වෙන අතර, වයඹ, උතුරුමැද, උතුර, නැගෙනහිර සහ බස්නාහිර පළාත්වල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60 දක්වා ඉහළ යා හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.