Gossips

වැසි සමඟ ඩෙංගු යළි හිස එසවීමේ අවදානමක්

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ යළි ඩෙංගු රෝගය හිස එසවීමේ අවදානමක් ද ඇතිවිය හැකි බව වසංගත රෝග විද්‍යා ඒකකය අනතුරු අඟවනවා.
ඒ අනුව හෙට දිනයේ සිට දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි මදුරු මර්දන සතියක් ක්‍රියාත්මක කිරිමටයි පියවර ගෙන ඇත්තේ.
වසරේ මේ දක්වා කාලසීමාව තුළ ඩෙංගු රෝගීන් 38,000 ක් වාර්තා වී ඇති අතර, එය පසුගිය වසරට සාපේක්ෂව පහළ යාමක් පෙන්නුම් කරන බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්‍රෂිලා සමරවීර හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ.