Gossips

වැසි වතුරට පැමිණි කිඹුලා ගමක් කළඹයි – (ඡායාරූප)

වව්නියාව දිස්ත්‍රීක්කයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග නාගර් ඉලිප්පුකුලම් ගම්මානයට පැමිණි දැවන්ත කිඹුලෙකු ගම්වාසීන් විසින් අල්ලා වව්නියාව වනජීවි නිලධාරීන් වෙතට අද (08) උදෑසන භාරදීමට පියවර ගෙන තිබෙනවා.
ඊයේ (07) රාත්‍රියේ ඇදහැලුනු ධාරාණිපාත වර්ෂාවත් සමග අඩි 10ක් පමණ දිගැති මෙම කිඹුලා ගම්මානයට පැමිණ ඇති අතර එහිදී මාර්ගයක ගමන් කරමින් සිටි වැසියෙකුට පහරදීමට උත්සහ කිරීමේදී එම වැසියා ඉන් බේරි අසල් වැසියන් සමග එක්ව කිඹුලා අල්ලා තිබෙනවා.
අනතුරු ඒ පිළිබඳව වව්නියාව වනජීවි නිලධාරීන්ට දැනුම් දීමෙන් පසුව වනජීවි නිලධාරීන් විසින් කිඹුලා රැගෙන ගොස් මඩු ජලපෝෂක ප්‍රදේශයකට මුදා හැරීමට පියවර ගත් බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.


(ඡායාරූප) – වව්නියාව රොමේෂ් මධුෂංඛ