Gossips

වැසි රහිත කාලගුණ තත්ත්වය තවදුරටත් – උදෑසන සහ රාත්‍රී කාලය සීතල වෙයි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල තරමක ශීත කාලගුණ තත්වයක් උදෑසන සහ රාත්‍රී කාලයන් වලදී අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
අද (22) දිනය තුල දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වය තවදුරටත් පවතින බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ.
කෙසේ වෙතත් නැගෙනහිර පළාතෙත් මාතලේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් සිහින් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව දැනුම් දෙනවා.