Gossips

වැසි රහිත කාලගුණය තවදුරටත්

දිවයින පුරා පවතින වැසි රහිත කාලගුණ තත්ත්වය තවදුරටත් එලෙසම පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
විශේෂයෙන් උතුර, උතුරු මැද සහ වයඹ පළාත්වල තරමක ශීත කාලගුණ තත්ත්වයද තවදුරටත් පවතිනු ඇති.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ සහ බස්නාහිර පළාතේ වෙරළබඩ ප්‍රදේශවල විටින් විට තරමක තද සුළං ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.