Gossips

වැසි පවතින ප්‍රදේශවල පාසල් පැවැත්වීම පිළිබද තීරණය පළාත් බළධාරීන්ට

අයහපත් කාලගුණයක් පවතින දිස්ත්‍රික්කවල පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට සහ විදුහල්පතිවරුන්ට බලය ලබා දී ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ප්‍රකාශ කළා.
දැනටමත් සබරගමුව පළාතේ රත්නපුර, නිවිතිගල සහ දෙහි ඕවිට අධ්‍යාපන කලාපවල පාසල් අද සහ හෙට දිනයේ වසා තැබීමටයි පළාත් බලධාරීන් තීරණය කර ඇත්තේ.
මධ්‍යම කදුකරයට ඇද හැලෙන අධික වැසි හේතුවෙන් ඩෙවෝන් දිය ඇල්ලේ ජල ධාරිතාව ඉහළ ගොස් ඇති බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු රංජිත් රාජපක්ෂ සදහන් කළේ.
අධික වැසිත් සමඟ කළු ගෙඟ් ගං වතුර මට්ටම පසුකර ඇති බව ප්‍රදේශයේ හිරු වාර්තාකරු අජිත් ලාල් ශාන්ත ප්‍රකාශ කළා.
කලාඔයේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් පුත්තලම – මන්නාරම මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වී ඇති බව පුත්තලම ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කළා.
මෙම මාර්ගයේ එළුවන්කුලම ප්‍රදේශය අඩි දෙක හමාරක් පමණ ජලයෙන් යටවී ඇති බවයි එම ඒකකය කියා සිටියේ.