Gossips

වැසි තත්වය ඉදිරි දින කිහිපයේදීත්

මේ දිනවල පවතින වැසි තත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය ඊට හේතුවයි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
වයඹ, මධ්‍යම, ඌව සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වඩා තද වැසි ද ඇතිවිමේ හැකියාවක් පවතිනවා.
බස්නාහිර, දකුණු සහ උතුරු වෙරළබඩ ප්‍රදේශවල තැනින් තැන උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
බස්නාහිර පළාතේ අභ්‍යන්තර ප්‍රදේශවල සහ සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ප්‍රදේශවල උදය කාලයේදී මීදුම් සහිත තත්වයක් බලාපොරොත්තුවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇති විය හැකි අතර අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට ද ජනතාවගෙන් ඉල්ලීමක් කෙරෙනවා.