Gossips

වැසි තත්ත්වය හෙට දිනයේදීත්

දැනට පවතින වැසි තත්ත්වය හෙට දිනයේදී ද අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
නැගෙනහිර, ඌව, උතුරුමැද සහ මධ්‍යම පළාත්වලට මෙලෙස වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මීට අමතරව සබරගමුව, බස්නාහිර සහ මධ්‍යම යන පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර යන දිස්ත්‍රික්කවලට ද මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියා.