Gossips

වැසි තත්ත්වය අනිද්දායින් පසු අඩුවෙයි

දිවයිනට නිරිත දෙසින් පවතින අඩුපීඩන කලාපය ඉවතට ගමන් කිරීම හේතුවෙන් අනිද්දායින් පසු වැසි තත්ත්වයේ අඩුවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
කෙසේ වෙතත් පස්වරු දෙකෙන් පසු උතුර, උතුරුමැද, නැගෙනහිර සහ දකුණු පළාත්වලට විටින් විට වැසි ඇතිවිය හැකියි. සබරගමුව සහ මධ්‍යම පළාත් මෙන්ම ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ට වැඩි තරමක තද වැසිද ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මේ අතර අද පෙරවරු 8.30 න් අවසන් වූ ගෙවුණු පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය වාර්තාවී ඇත්තේ කිලිනොච්චි දිස්ත්‍රික්කයෙන්. එය මිලිමීටර 137.5 ක්.