Gossips

වැසි තත්ත්වයේ අඩුවීමක් ඉදිරි දින කිහිපය තුළ

ඉදිරි දින කිහිපය තුළදී දිවයිනට බලපා ඇති වැසි තත්ත්වයේ අඩුවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
නැගෙනහිර පළාතේ ප්‍රදේශ කිහිපයකට සිහින් වැසි ඇතිවිය හැකි අතර, දිවයිනේ සෙසු ප්‍රදේශවලට වැසි රහිත කාලගුණ තත්වයක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.
දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට අද දිනයේදී තද සුළං තත්ත්වයක්ද ඇතිිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක කියා සිටියා.
මේ අතර අන්දමන් මුහුදු ප්‍රදේශයේ මධ්‍යම කොටසේ පැවති පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් බවට වර්ධනය වීම හේතුවෙන් ඉදිරි පැය 24 තුළ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල නොයෙදෙන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරනවා.
එමෙන්ම ගාල්ල සිට හම්බන්තොට හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ඇතැම් ස්ථානවල වැසි හෝ ගිගුරුම් සහිත වැසිද ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
දිවයිනට බස්නාහිර සහ නැගෙනහිර දෙසින් වන මුහුදු ප්‍රදේශවල සුළෙඟ් වේගයද පැයට කිලෝමීටර 40 ත් 50 ත් දක්වා වැඩිවිය හැකි අතර, එම ප්‍රදේශවල මුහුද මදක් රළුවිය හැකියි.